විනිසුරු තීරණය ගැන T20 නායක වනිඳුගෙන් සැර කතාවක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගයේදී ලැබුණු විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙම තරගයේ අවසන් පන්දු වාරයේ 4 වැනි පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවරයා ලබාදුන් තීන්දුවට එකඟ විය නොහැකි බවටයි වනිඳු හසරංග මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ.

අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු කියාසිටියා.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බව නායක වනිඳු හසරංග සඳහන් කළා.

එබැවින් එම විනිසුරුවරයා වෙනත් රැකියාවක් තෝරාගැනීම සුදුසු බවයි ඔහු අවධාරණය කළේ.

මෙවැනි නිපන්දු පිළිබඳ ඇති වන ගැටලු සඳහා ද විනිසුරු තීරණ පිළිබඳ තෙවැනි විනිසුරුට යොමු කිරීම හෙවත් රිවීව් අවස්ථාව ඇති කළ යුතු බව වනිඳු ප්‍රකාශ කර තිබෙනවා.

අවශ්‍ය නම් පිටියේ විනිසුරුට එය තෙවැනි විනිසුරු සඳහා යොමු කිරීමට හැකියාව පැවති බව ද ඔහු කියාසිටියා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග පළ කළේ මෙවන් අදහසක්….

” ඇත්තටම ඉතින් ඒ වගේ එකක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ. ඒක ළඟින් ගියා නම් ප්‍රශ්නයක් නැහැ. එච්චර උඩින් ගිය එකක්, තව පොඩ්ඩක් උඩින් ගියා නම් පිතිකරුගේ ඔලුවේ වදිනවා. ඒ වගේ එකක් පේන්නේ නැහැ කියන්නේ ඒ විනිසුරු ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නැහැ. එයා වෙන ජොබ් එකක් කළා නම් තමයි ඇත්තටම හොඳ” යනුවෙන්.

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන T 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

කෙසේ වෙතත් දෙරට අතර පැවති තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් සහ හසරතුල්ලා සසායි ලකුණු 45ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 206ක් පමණයි.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 60ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් ලබා ගත්තා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »