ජීවිතයකට එළිය දෙන්න ගිය මොහොතේ, සම්මාන ගෙනා Verry Elleegant දිවි ගමනට සමුදෙයි

Melbourne Cup තරගාවලියේ 2021 වසරේ ශූරතාවය දිනාගත් ජයග්‍රාහි අශ්වයා වන වෙරි එලිගන්ට් (Verry Elleegant) ගේ හදිසි අභාවය පිළිබඳ තුරඟ තරඟ ලෝලීන් දැඩි කම්පාවට පත්ව තිබෙනවා.

වෙළඹගේ මරණය සැළවීමත් සමග ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පල කර තිබුණා.

Verry Elleegant ගේ භාරකරු සඳහන් කර ඇත්තේ වෙළඹ පැටවකු බිහිකිරීමට යෑමේ දී මෙලෙස මියගොස් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ තුරඟ තරඟ පිටි මත නොයෙක් දස්කම් මැවු Verry Elleegantගේ මියයෑම බොහෝ දෙනෙකුට හද කම්පා කරවන පුවතක් ලෙසයි තුරග ක්‍රීඩා ලෝලින් වාර්තා කරන්නේ.

වෙළඹ සහභාගි වූ තරග 42කින් තරග 16ක් ජයග්‍රහනය කිරීමට සමත්ව තිබෙනවා.

2020 සහ 2021 වසරේ ඔස්ට්‍රේලියානු අශ්වයා ලෙසද නම් කර ඇති අතර මෙම වෙළඹ ක්‍රිස් වොලර් විසින් සිඩ්නි නුවරදී පුහුණු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව 2021 Melbourne Cup හි දී Verry Elleegant සමග ක්‍රීඩා කළ ජේම්ස් මැක්ඩොනල්ඩ් ජයග්‍රාහී අසරුවා බවට පත්වුනා.

වෙළඹ මේ වන විට ඩොලර් මිලියන 15ක මුල්‍යමය ත්‍යාග ද හිමිකරගෙන තිබෙන බව සඳහන්.

මෙල්බර්න් කුසලානය හැරුණු විට Verry Elleegant 2020 දී වික්ටෝරියා හි කෝල්ෆීල්ඩ් කුසලානය දිනා ගැනීමටද සමත් වුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »