
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු T 20 තරගයෙන් ලකුණු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාලකුණු 160ක් රැස් කළා.

නායක වනිඳු හසරංග ලකුණු 67යි.
ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 156ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන නායක ඊබ්‍රහිම් සද්රාන් ද නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 4ක් බිඳහෙලුවා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන තරගය හෙට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.