ඔස්ට්‍රේලියාවට දරුණු පරාජයක් අත්කර දුන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක් දිවි හැර යයි

පශ්චාත් හුදකලා යුගයේ දකුණු අප්‍රිකාවේ පළමු ක්‍රිකට් පුහුණුකරු වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මයික් ප්‍රොක්ටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ ප්‍රොක්ටර් මිය යන විට 77 හැවිරිදි වියේ පසු වුණා.

ප්‍රොක්ටර් වේග පන්දු යවන්නෙකු මෙන්ම වේගවත් පහර එල්ල කරන පිතිකරුවෙකු වූ අතර ඔහු ටෙස්ට් තරඟ හතකට ක්‍රීඩා කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය කලක් අඩාල වී තිබුණා.

1991 දී දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් වෙත නැවත පැමිණීමෙන් පසු ඔහු පුහුණුකරු ලෙස කණ්ඩායම මෙහෙයවූ අතර 1992 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ද කණ්ඩායම රැගෙන ගියා.

1970 දී දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරඟාවලියේදී ඔස්ට්‍රේලියාව 4-0ක් ලෙස පරාජයට පත් කළ කණ්ඩායමේ ඔහු ප්‍රබල සාමාජිකයෙක් වූණා.

හෘදයාබාධයකට ලක් කළ ක්‍රිකට් තරුව ශල්‍යකර්මයේදී ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගිය බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කර ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »