කුරුළෑ කැළැල් මකන ප්‍රතිකාර ක්‍රමයක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව අත්හදා බලයි

මුහුණේ කුරුළෑ නිසා හටගත් කැළැල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අදාළව නව තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

කුරුළෑ ලප සමනය සඳහා ඖෂධ භාවිතයෙන් තොර ප්‍රතිකාර සිදු කිරීමට මෙම ක්‍රමය ඉදිරියේදි ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය වනු ඇති බවයි චර්මරෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඖෂධ භාවිතයෙන් තොරව කුරුලෑ සහ ළප සුව කිරීම සඳහා නව ලේසර් ප්‍රතිකාරයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලැබෙනු ඇති.

එම ලේසර් උපකරණය මගින් මසකට දෙවරක් අවස්ථා තුනකදී විනාඩි 45 බැගින් වූ කාල පරාසයක් තුළ ප්‍රතිකාර සිදු කළ යුතු වනවා.

විශේෂයෙන් කුරුළෑ සදහා වැඩි දෙනෙකු ඖෂධ පෙති දීර්ඝ කාලීනව භාවිත කරන අතර සෑම කෙනෙකු සඳහා එම ඖෂධ සුදුසු නොවන බැවින් අතුරු ආබාධ ඇති විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කෲස් පැවසුවේ මෙම ලේසර් උපකරණ පරීක්ෂණය මගින් රෝගීන්ට තම රුවේ පැහැදිලි වෙනසක් දැකගැනීමට හැකිවන අතර වඩාත් ඉහළ ප්‍රතිඵල ගෙනදෙන බවයි.

මෙම ප්‍රතිකාරය චිකිත්සක භාණ්ඩ පරිපාලනය සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය යන දෙඅංශයෙන්ම අනුමත කර තිබීම විශේෂත්වයක්.

දැනටමත් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල මෙම ප්‍රතිකාරවලට අදාළ සායන පහක් ආරම්භ කර ඇති බවද සදහන්.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »