සායනික වැරැද්දක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු මවකට සිය දරුවා අහිමි වේ!

සායනික වැරැද්දක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු මවකට සිය දරුවා අහිමි වේ!

බටහිර ඕස්ට්‍රේලියානු මවක් සායනික වැරැද්දක් හේතුවෙන් තම දරුවා දරු ප්‍රසූතියෙන් දිවි ගලවා නොගත් බව දැනගත් හද කම්පා කරවන සිදුවීමක් පසුගියදා වාර්තා විය.

සාරා හසන් දෙසැම්බර් 9 වන දින බන්බරිහි ශාන්ත ජෝන් ඔෆ් ගෝඩ් පෞද්ගලික රෝහලට ඇතුළත් වූයේ ඇගේ දරුවා ලැබීමටය. එහිදී ඇයට වැරදීමකින් මිලිග්‍රෑම් 100 ක මෝෆින් ලබා දී ඇති අතර එය නියමිත මාත්‍රාව මෙන් 10 ගුණයක් යැයි ගණන් බලා තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය කෝමා තත්වයට පත්ව​ ඔක්සිජන් නොමැතිකම සහ හෘදයාබාධයකින් පීඩා වින්දා. ඛේදජනක ලෙස ඇගේ දරුවා සහීඩ් දිවි ගලවා ගත්තේ නැත.

“මම අවුරුදු පහක් තිස්සේ දරුවෙකු ගැන සිහින මැව්වා. එය මගේ මුළු ජීවිතයම බිඳ දැමුවා” යැයි හසන් පැවසුවාය. “මම හැම වෙලාවෙම මගෙන් අහනවා, ඇයි මම මෝෆින් ගත්තේ ඒ නිසා මට මගේ දරුවා අහිමි වුණා.” ඇය තවදුරටත් පැවසුවා.

නිවේදනයක් නිකුත් කරමින් රෝහල් බලධාරීන් පැවසුවේ “බරපතල සායනික දෝෂයක්” සිදුවන්නට ඇති බවයි. මේ සිද්ධියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ සේවය අත් හිටුවා ඇති අතර මේ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි. ඊට සම්බන්ධ පවුල් සෞඛ්ය සේවිකාවගේ(Midwife)  ලියාපදිංචිය අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබේ.

(9News)

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »