ජනපති රනිල් ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුව තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බවද සදහන්.

එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා ඇත්තේ දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා රජයට උදව් කිරීමට කැමැත්ත පල කරන බවයි.

මේ අතර මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය අතර හමුවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »