ඔස්ට්‍රේලියානු ඩොලර් 5 මුදල් නෝට්ටුවට මීළගට කාගේ රුව ද?

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 5 මුදල් ඒකකයට අදාළ නව මුදල් නොට්ටුවක් නිර්මාණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ගෙන් අදහස් විමසීම ආරම්භ කර තිබෙනවා.

 

ඒ අනුව ෆෙඩරල් සංචිත බැංකුව සඳහන් කළේ මෙතෙක් එම ඒකකය සඳහා බ්‍රිතාන්‍ය රැජිනයේ මුහුණ පැවතියද ඇයගේ අභාවයෙන් පසු එය ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගත් බවයි.

 

කෙසේ වෙතත් ඩොලර් 5 මුදල් නොට්ටුවේ පිටුපස පවතින කැන්බරා හි පාර්ලිමේන්තු මන්දිරය එළෙසම පවතිනු ඇතැයි සඳහන්.

 

නව ඩොලර් 5 මුදල් නෝට්ටුව සඳහා එක්විය යුතු ලාංඡනය කුමක් ද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ට තම අදහස් ලබා දීමට අවස්ථාව ලබන මස සිට හිමිවනු ඇති.

 

ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු මෙරට සංස්කෘතිය විදහා පාන සංඛේතයක් වන අතර ගෞරවාන්විත මුද්‍රාවක් ඒ සඳහා යෙදවිය යුතු බව ෆෙඩරල් සංචිත බැංකුව තවදුරටත් සඳහන් කර තිබුණා.

 

මේ සම්බන්ධයෙන් ස්වදේශීය ජනයාගෙන් අදහස් ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්.

 

1992 වසරේ සිට අද දක්වාම  ඔස්ට්‍රේලියානු ඩොලර් 5 මුදල් නෝට්ටුව සඳහා බ්‍රිතාන්‍ය රැජිනයේ රුව ඇතුලත්ව තිබුණා.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »