
එක්සත් රාජධානියේ රැකියා බලා යන ඔස්ට්‍රේලියානුවන් සදහා වැඩි කාලයක් එහි රැදීම සදහා නවතම වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
UK Youth Mobility Visa (යූත් මොබිලිටි) ප්‍රතිසංකරණය යටතේ ඔස්ට්‍රේලියානුවන්ට මෙම වාසි හිමිවනු අතර ජනවාරි 31වනදායි එය ආරම්භ වුණා.
ඔස්ට්‍රේලියානුවන් UK Youth Mobility Visa සඳහා සුදුසුකම් ලැබීමේ වයස අවුරුදු 18 සිට 35 දක්වා දීර්ඝ කර ඇති අතර මීට පෙර උපරිම වයස් සීමාව සදහන්ව තිබුණේ අවුරුදු 30 ලෙසයි.

මෙම විසා කාණ්ඩයේ විශේෂත්වය වනුයේ වසර දෙකක වීසා බලපත්‍රය අමතර වසරක් සඳහා දීර්ඝ කර ගැනීමට හැකිවීමයි.
කෙසේ වෙතත් මෙම බලපත්‍රය ලබා ගතහැක්කේ එක් වරක් පමණක් වීන විශේෂත්වයක්.

UK Youth Mobility Visa සඳහා ඩොලර් 4900 ක් පමණ වැය වන අතර අවම වශයෙන් දින 28 ක් සඳහා පුද්ගලික බැංකු ගිණුමේ මුදල් තිබිය යුතුයි.