ICC ය ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා‍

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකින් පසු, ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ICC විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.

විශේෂයෙන් නිලවරණයකින් පත් වූ නිලධාරී මණ්ඩලයට කටයුතු කරගෙන යාමට ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩි අවදානය යොමු වුණා.

කෙසේ වෙවත් මෙම පුවත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට සතුටුදායක වන අතර මීට අදාළ නිල නිවේදනය ICC ය විසින් ඉක්මනින් නිකුත් කෙරෙනු ඇති බවයි ක්‍රිඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »