බිලියන 5.81ක වත්කමක් හිමි ඔස්ට්‍රේලියාවේ 16 වැනි ධනවතා මියයයි

ඔස්ට්‍රේලියාවේ 16 වැනි ධනවත්ම පුද්ගලයා වන ලැන්ග් වෝකර් මියගොස් තිබෙනවා.

දේපල වෙළදාම් අංශයේ තුළ  ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වෝකර් මිය යනවිට 78 වියෙහි පසුවුණා.

ඔහුගේ වත්කම ඩොලර් බිලියන 5.81ක් ලෙස සදහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක් වන වෝකර් සංස්ථාවේ සම නිර්මාතෘවරයා වන්නේ ද එහුයි.

වෝකර් සමාගම යටතේ දේපල ව්‍යාපෘති 1200කට අධික සංඛ්‍යාවක් මේ වන විට සිදු කර ඇති අතර සිඩ්නි සහ මෙල්බර්න් ඇතුළු ප්‍රධාන නගරවල ඔහු යටතේ වූ ඉදිවූ ඉදිකිරීම් රාශියක් පවතින බව සදහන්.

පසුගිය වසර 20ක කාලසීමාව තුළ වෝකර් සමාගම දේශපාලන පක්ෂ සඳහා ඩොලර් මිලියන 2.5 ක් පමණ මුදලක් පරිත්‍යාග කර තිබීමද විශේෂත්වයක්.

ඔහුගේ ඉදිකිරීම් අතර ඩොලර් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් සිඩ්නි හි පරමැට්ටා චතුරශ්‍රය හැදින්විය හැකි අතර ඩොලර් බිලියන 3ක වටිනාකමින් යුතු දකුණු ඔස්ට්‍රේලියානු කලාපයේ ඉදිවෙන නිවාස සංකීර්ණයද ඔහුගේ ව්‍යාපෘතියක් වනවා.

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »