මුදල් නෝට්ටු භාවිතය ගනුදෙනුවලින් සියයට දහයක්

ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු භාවිතය අඩුවී තිබෙනවා.

ෆෙඩරල් රිසර්ව් බැංකුව සඳහන් කරන්නේ මේ වන විට නෝට්ටු භාවිතය ගනුදෙනුවලින් සියයට දහයක් පමණ වන බවයි.

මීට වසර 15 කට පෙර සියලු ගනුදෙනුවලින් සියයට හතළිස් පහක් සිදු වූයේ මුදල් නෝට්ටු භාවිතයෙන්.

බොහෝ පුද්ගලයන් විද්‍යුත් ක්‍රම මගින් මුදල් හුවමාරු කිරීමට පෙළඹීම ඊට හේතුව බවයි බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ඉදිරියේදීද මුදල් නෝට්ටු භාවිතය තවදුරටත් අඩුවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »