වික්ටෝරියා සාමාන්‍ය වෛද්‍ය වෘත්තියට ඩොලර් හතළිස් දහසක දීමනාවක්

සාමාන්‍ය වෛද්‍ය වෘත්තියට යොමු වන්නන් වෙනුවෙන් ඩොලර් හතළිස් දහසක දිරිගැන්වීමේ දීමනාවක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්තය  තීරණය කර තිබෙනවා.

800 කට එය ලබා දීමයි සැලසුම.

හාරසිය දෙනකු මේ වසරේදී සම්බන්ධ කර ගන්නා අතර ඉතිරි හාරසියය ලබන වසරේදී බඳවා ගන්නා බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස ඔවුන් සේවයෙහි යෙදවීමයි අපේක්ෂාව වී තිබෙන්නේ.

වෛද්‍ය වෘත්තිය නිරත වීමට සූදානම් සිසුන්ගෙන් සියයට දහතුනක් පමණක් සාමාන්‍ය වෛද්‍යවරුන් වීමට කැමැත්ත පළ කරන අතර මෙම දීමනාව සමග බොහෝ පිරිසක් ඊට යොමු වනු ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරිය විශ්වාසය පළ කර තිබෙනවා.

 

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »