ඔස්ට්‍රේලියාවේ වේගවත්ම ධාවන ශූරිය ටොරී ලුවිස්

ඔස්ට්‍රේලියාවේ වේගවත්ම ධාවන ශූරිය බවට ටොරී ලුවිස් පත් වුණා. 

කැන්බරාහිදී මීටර් සියයේ ධාවන තරගය ඇය ජය ගත්තේ තත්පර එකොළහයි දශම එකක කාලයක් වාර්තා කරමින්.

මීට වසර දහයකට පෙර මෙලීසා බ්‍රීන් තත්පර එකොළහයි දශම එකයි එකකින් තරගය නිම කරමින් ඔස්ට්‍රේලියා වාර්තාව තබා තිබුණා.

පසුගිය වසරේ දී මීටර් සියය සහ දෙසීය ජයගැනීමට ටොරී ලුවිස් සමත් වුණා.

ඊට පෙර මීටර් සියය තරගයකදී ඇය වාර්තා කර තිබූ හොඳම කාලය තත්පර 11යි දශම දෙකයි තුනක්.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »