දෙවන ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට තවත් ලකුණු එකසිය පනස් හයක්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට තවත් ලකුණු එකසිය පනස් හයක් අවශ්‍යව තිබෙනවා.

තරගයේ තුන්වන දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව දෙවනි ඉනිම වෙනුවෙන් කඩුළු දෙකකට ලකුණු හැටයි.

ස්ටීවන් ස්මිත් ලකුණු තිස්තුනක් සහ කැමරුන් ග්‍රීන් ලකුණු නවයක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටිනවා.

පළමු ඉනිමේදී කොදෙව්වන් ලකුණු 311 ක් ලබා ගත් අතර  ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ කඩුළු නවයකට ලකුණු දෙසීය අසූ නවයක් පමණයි.

කොදෙව් දෙවන ඉනිම ලකුණු එකසිය අනූ තුනකට සීමා කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා.

අනුව ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීමට අවශ්‍ය ලකුණු දෙසිය දහසයක් පමණයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »