Australian බබාලගේ නම් අතර වඩාත් ජනප්‍රිය නම්

අලුත උපන් ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාක නාම, වර්ණ සහ මැණික් වර්ග වල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

විශේෂයෙන් 2010 සහ 2024 වර්ෂවල උපන් බිළිඳුන් සඳහා මෙම නම් භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

Mater Mother’s Hospital හි නව වාර්ෂික ළදරු නම් ලැයිස්තුවට අනුව Daisy, Jasmine ,Juniperයන ශාක විශේෂයන්ගේ නම් ද, Hazel, Navy, Violet, Olive යනවර්ණයන් සහ Ruby, Amethyst, Rusty , Sterling ලෙස හැඳින්වෙන මැණික් විශේෂයන් ළඳරු නාමාවලියට ඇතුලත්.

මේ අතර මතක තබා ගත හැකි නම් අතරට Harmony, Kaos Lexcen යන නම් ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ දිගම ළඳරු නමට බ්‍රිස්බේන් රෝහලේදි උපන් බිළිදෙක් හිමිකම් කියන අතර එම නම සඳහන්ව ඇත්තේ Tinomuvongashe ලෙසයි

කුඩා ළමුන්ගේ නම් 2000ක් පමණ අධ්‍යයනය කරමින් සිදු කළ අධ්‍යයනයේදි හෙළිව ඇත්තේ ගැහැණු ළමුන් සඳහා වඩාත් ජනප්‍රිව නම් අතර මැටිල්ඩා, එලා, ලිලී, මිආ සහ ඔලිවියා යන නම් සදහන්ව තිබෙනවා

මීට අමතරව පිරිමි ළමුන් සඳහා වන ඔලිවර්, තිඅඩෝ,විලියම් යන නම් ද වඩාත් ජනප්‍රිය බව සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »