මෙල්බන් හි නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් එකම පවුලේ මව සහ කුඩා දියණියන් තිදෙනෙකු මිය යයි!

මෙල්බන් හි නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් එකම පවුලේ මව සහ කුඩා දියණියන් තිදෙනෙකු මිය යයි!

මෙල්බර්න් හි ග්ලෙන් වේවර්ලි ප්‍රදේශයේ පිහිටි තට්ටු නිවාසයක ඇති වූ මාරාන්තික ගින්නක් හේතුවෙන් එකම පවුලේ මවක් සහ දැරියන් තිදෙනෙකු මිය ගිය පුවතක් ඊයේ වාර්තා වුණා.

මෙය ඉරිදා(10/1) අලුයම 1.30 ට පමණ සිදු වූ බවයි සඳහන් වන්නේ.

අසල්වැසියන් මේ පිළිබඳ දුටු විගස ගිනි නිවීමේ හමුදාව අමතා ඇති අතර ඔවුන් පැමිණීමට ගත වී ඇත්තේ මිනිත්තු 6ක් වැනි කෙටි කාලයක් නමුත් පසුව ගින්න නිවා දැමීමට පැය හතරක් පමණ ගත වූ අතර, නිවස​ ඇතුළට ගිය පසු ගිනි නිවීමේ කාර්ය මණ්ඩලය විසින් මියගිය සිව්දෙනා සොයා ගන්නා ලදී.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජපන් පවුලක් වන අතර මියගිය දරුවන් තිදෙනා වයස අවුරුදු 3, 5 සහ 7 යන වයස්වල පසුවන බව වටහාගෙන ඇත.

මේ පිළිබඳව​ ආර්සන් ස්කොඩ් සහ වික්ටෝරියා පොලිස් රහස් පරීක්ෂකයින් තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.

ගින්න හටගන්නා විට නිවසේ සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු පැන යාමට සමත් විය. බරපතල තුවාල හේතුවෙන් ඔහුව රෝහලට ගෙන ගිය අතර දින කිහිපයක් යනතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නොහැකි බව පොලීසිය සඳහන් කරයි.

(7News)

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »