ආදරයෙන් මුලින්ම ඉවත්වන කාන්තාවන්

ආදරණීය හැඟීම්වලින් කාන්තාවන් පුරුෂයන්ට පෙර ඉවත්වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Association for Psychological Science ජර්නලය ඒ සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත් කළා.

අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ ආදර හැඟීම්වලින් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් කාලයත් සමග ඉවත් වන බවයි.

පිරිමින් සමග සම්බන්ධතා ආරම්භ කරන අවධියේදී කාන්තාවන් පිරිමින්ට වඩා ආදරය පිළිබඳ  හැඟීම්වලින් පූර්ණව සිටින බවයි අධ්‍යයනයෙන් හෙළිව තිබෙන්නේ.

එහෙත් කාලයත් සමඟ ඔවුන්ගේ හැඟීම් පුරුෂයන්ට වඩා වේගයෙන් වෙනස් වෙන බවයි Pittsburgh carnegie mellon  විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞරබ් බාග්වා පෙන්වා දෙන්නේ. 

ලිංගික සබඳතාවලින් ද ඔවුන් ක්‍රමයෙන් ඉවත්වන බවයි හෙළිව ඇත්තේ. 

අධ්‍යයනය සඳහා වැඩිහිටියන් හාරදහසක පමණ පිරිසක් සම්බන්ධ කරගෙන තිබෙනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »