දරුවන් සුරකින්න දැන්වීම් නවතන්න වික්ටෝරියා වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක්

සූදු සහ ඔට්ටු සම්බන්ධ දැන්වීම් තහනම් කරන ලෙස වික්ටෝරියා රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

වැඩිහිටියන් කියා සිටින්නේ තම දරුවන් රහසිගතව සූදු සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවල නිරත වන බවයි.

සූදු සහ ඔට්ටු ප්‍රවර්ධන දැන්වීම් ඔවුන් ඒවාට යොමු වීමට ප්‍රධාන සාධකය බවද දෙමාපියන් පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා දැන්වීම් තහනම් කරන්නැයි වික්ටෝරියා සූදු සහ කැසිනෝ පාලන කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි ප්‍රධානී ඇනට් කිමිට් කියා සිටින්නේ ප්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමට තමාට බලයක් නොමැති බවයි.

ඒ හේතුවෙන් දෙමාපියන්ගේ ඉල්ලීම ෆෙඩරල් රජය වෙත යොමු කර ඇතැයි ද  ඇය සඳහන් කර තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »