වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  දේශ සීමා පසු කිරීමට ඉල්ලුම් කරයි. 

වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  දේශ සීමා පසු කිරීමට ඉල්ලුම් කරයි. 

වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  සමඟ රජයේ දේශසීමා වසා දැමීම සඳහා වූ නීති ඉවත්කර ගමන් කිරීම සඳහා ඉල්ලුම් කර ඇති නමුත් මේ වන විට බලධාරීන් ලබා දී ඇත්තේ අවස්ථා  117 ක් පමණි.

සිකුරාදා රාත්‍රියේ සිට ප්‍රාන්ත දෙක අතර දැඩි දේශ සීමාවක් ක්‍රියාත්මක වූ අතර, ඉන් පසු නැවත පැමිණෙන ඕනෑම අයෙකු අනුමත කර දින 14 ක හෝටල් නිරෝධායනයකට භාජනය විය යුතුය.

සෞඛ්‍ය බලධාරීන් විසින් අයදුම්පත් අනුමත කර ඇත්තේ අන්තිම කැමති පත්‍රයට අනුව​ අවසන් ජීවිත චාරිකා සඳහා සහ අවමංගල්‍ය කටයුතු සඳහා  වන අතර ඒ සඳහා ඍණාත්මක  කොරෝනා වෛරස් පරීක්ෂණ ප්‍රතිඵලයක්  අවශ්‍ය වේ.

අයදුම්පත් සලකා බැලීමට පැය 48 ක් ගත වන අතර එයින් අඩකට ආසන්න සංඛ්‍යාවක් වැඩිදුර ලියකියවිලි ඉල්ලා ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ  ඉරිදා දින  නව වෛරස් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා කළ අතර නවතම  සංඛ්‍යාව 21 ක් දක්වාත්, ක්‍රියාකාරී රෝගීන් 32 ක් දක්වාත් ඉහල ගොස්  ඇත.

සියලුම ප්‍රජා සම්ප්‍රේෂණ සිද්ධීන් මෙල්බර්න් හි Bayside, Black Rock හි Buffalo Smile Thai restaurant අවන්හලට සම්බන්ධ කර ඇත. ආසාදිතයින්ගේ සමීප සම්බන්ධතා 2765 ක් දැනට හුදකලා වී සිටින අතර ප්‍රාථමික සම්බන්ධතා ඇති පුද්ගලයින් 2406 ක් ද වෙති.

නිව්සව්ත්වේල්ස් හි උතුරු වෙරළ තීරයෙන් පැතිර ගිය පොකුරු, දේශසීමා නීති රීති සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය විසින් කඩිනමින් මර්දනය කිරීමට පෙළඹුණි.  වික්ටෝරියානුවන් 60,000 කට වැඩි පිරිසක් නිව්සව්ත්වේල්ස් වෙතින් ආපසු පැමිනියහ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »