වේප් තහනම අභියෝගාත්මක වනු ඇතැයි මත

වරක් භාවිත කර ඉවත් දමන දුම්පානය කරන උපකරණ හෙවත් වේප් තහනම් කිරීම රජයට අභියෝගාත්මක වනු ඇතැයි මත පල වෙනවා.

ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ඊයේ සිට ඒවා තහනම් කිරීමට රජය තීරණය කළා.

එහෙත් නීති විරෝධී ලෙස රට තුළට වේප් රැගෙන එනු ඇතැයි මත පලව තිබෙනවා.

දේශසීමා ආරක්ෂක අංශයේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ පරීක්ෂණ ඒකකය ස්ථාපනයට මූලික වූ, හිටපු ෆෙඩරල් නිලධාරී රොහාන් පයික් කියාසිටින්නේ, වේප් භාවිතය අත්හිටුවීම සඳහා ඔස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂක අංශයට පැවරෙන කාර්යභාරය අතිශය වගකීම් සහගත බවයි.

නීති විරෝධී ලෙස දුම්පාන උපකරණ රටට ඇතුළු වීම වැළැක්වීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »