සහන ප්‍රමාණවත් නොවන බවට චෝදනා

ජනතාව වෙත රජය ලබාදුන් සුභසාධන සහන ප්‍රමාණවත් නොවන බවට චෝදනා නැගෙනවා.

සමාජ සේවා සම්බන්ධ ඔස්ට්‍රේලියා කවුන්සිලයේ ප්‍රධාන විධායක කැසෙන්ඩ්රා ගෝල්ඩි කියා සිටින්නේ රජය ගත් තීරණය ජීවන වියදම වැඩි වූ අවස්ථාවක ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බවයි.

රජය වියදම් කරන සෑම ඩොලර්යක්ම ජනතාවගේ සුබ සිද්ධියට වැයවීම පිළිබඳව සැකයක් නැතැයි ඇය පෙන්වා දෙනවා.

එහෙත් මෙම සහන ක්‍රමය යටතේ ජනතාව දුගී බවින් මුදා ගැනීම ගැටළුවක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සහන රැසක් ලබා දීමට රජය තීරණය කර තිබෙන අතර වැඩපිළිවෙළ ඊයේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ යටතේ නවලක්ෂ තිස් දහසකට අධික පිරිසකට සහන සැලසෙන බවටයි සඳහන් වන්නේ.

තරුණ ප්‍රජාව සඳහා දීමනා,අධ්‍යාපන දීමනා සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ දීමනා ද නව සැලසුම් යටතේ වැඩි කිරීමටයි රජය පියවර ගත්තේ.

වැඩි වන ජීවන වියදම අනුව මෙම සහන දුගී බවින් ජනතාව මුදා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි ගෝල්ඩිපෙන්වා දී තිබෙන්නේ.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »