Search

තැපැල් ගැටලු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

තැපෑලේදී ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ඔස්ට්‍රේලියා ජාතිකයන්ට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවයි සඳහන්.

නත්තල ආසන්නයේදී විවිධ තෑගි භෝග ආදිය තැපෑල ඔස්සේ හුවමාරු කර ගැනීම ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස පවතිනවා.

ඒ සමග විවිධාකාර සොරා ගැනීම් සහ අස්ථානගත වීම් සිදුවන බවයි වික්ටෝරියා ප්‍රාන්ත අපරාධ මර්දන ඒකක ප්‍රධාන විධායක ස්ටෙලා ස්මිත් පවසන්නේ.

පසුගිය වසරේ නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාව තුළ තෑගි භාණ්ඩ ඇසුරුම් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සොරා ගත් බවට සඳහන්.

මෙම උත්සව සමයේදී මේ වන විට පාර්සල් විසි දෙදහසක් පමණ  සොරා ගැනීමට ලක්වී ඇති බවයි වාර්තා සඳහන් පෙන්වා දෙන්නේ.

ඒ නිසා තැපෑලෙන් තෑගි භාණ්ඩ යවන ඔස්ට්‍රේලියා ජාතිකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ස්ටෙලා ස්මිත් සඳහන් කරන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »