Search

ලිට්ල් ඇන්ග්ලර් කිට් වෙනස් විය යුතු බවට මත

වික්ටෝරියා රජය හඳුන්වාදී ඇති ලිට්ල් ඇන්ග්ලර් කිට් වැඩසටහන සංශෝධනය විය යුතු බවයි, මෙල්බන් උතුරු ප්‍රදේශයේ එඩ්වඩ්ස් ලේක් ආශ්‍රිත ජනතාව කියා සිටින්නේ.

පස්වන වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මාළු බෑමේ උපකරණ කට්ටල අනූ පන්දහසක් වැඩසටහන යටතේ රජය විසින් බෙදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

එහෙත් දරුවන් සඳහා උපදෙස් නොකෙරෙන බවට චෝදනා නැගෙනවා.

මාළු බෑමේදී අනුගමනය කළ යුතු  ක්‍රියා පිළිවෙත් පිළිබඳව ඔවුන් නොදන්නා බවයි එඩ්වඩ්ස් ලේක් ආශ්‍රිත ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

නිසි උපදෙස් නොමැතිවීම හේතුවෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් පරිසරයට හානි වන බව ද ඔවුන්ගේ අදහසයි.

එඩ්වඩ්ස් ලේක් හි විසූ ප්‍රදේශවාසීන් බොහෝ ආදරය කළ ඊවි නම් කළු හංසයා මිය යාමත් සමග මෙම අදහස් මතුව ඇත්තේ හංසයා මිය යාමට හේතුව බිලීබෑමට යොදා ගන්නා බිලී කොක්කක් හේතුවීම බවයි සඳහන් වෙන්නේ.

 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »