බලපත්‍ර නොමැතිව සිඩ්නි හි දැඩි අවදානම් කලාප(Red zone) වල සිට පුද්ගලයින් 40කට වඩා වැඩි පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුල් වී ඇත​.

බලපත්‍ර නොමැතිව සිඩ්නි හි දැඩි අවදානම් කලාප(Red zone) වල සිට පුද්ගලයින් 40කට වඩා වැඩි පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුල් වී ඇත​.

ඊයේ දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිඳු කොරෝනා රෝගියෙක්‍ වාර්තා නොවූද නත්තල සැමරීමට සිඩ්නි හි දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශයන් ගෙන් නිසි බලපත්‍රයක් නොමැතිව 40කට අධික පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තය වෙත පැමිණ තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පැවසූවේ මෙය ඔවුන් ගේ බලාපොරොත්තු සුන් කර ඇති බවයි.

“කනගාටුවට කරුණක් නම්, NSW වෙතින් වික්ටෝරියා වෙත ආපසු නොයන ලෙස ජනතාව දිරිමත් කිරීම සඳහා අපගේ තරමක් පුළුල් සන්නිවේදන වැඩසටහනක් තිබියදීත් ඊයේ තවත් පුද්ගලයින් 11 ක් හෝ 12 ක් පැමිණ ඇති බවයි. එහෙත් ඔවුන් අපගේ හෝටල් නිරෝධායන වැඩසටහනේ දින 14 ක් හුදකලා වෙමින් සිටී” යනුවෙන් වික්ටෝරියා හි පරීක්ෂණ අණදෙන නිලධාරී ජෙරොයින් වයිමර් පැවසීය.

රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ කොරෝනා පරීක්ෂණ 19,000 කට වඩා සිදු කර ඇති අතර, රජයේ නිවාඩු දිනවල පවා පරීක්ෂණ ස්ථාන විවෘතව පවතින ලෙස උපදෙස් දී ඇත.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »