ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණයට IMF සහය

ලබන සතියේදී ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික ඉහළ දැමීමේ ෆෙඩරල් සංචිත බැංකු තීරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සහය පළකර තිබෙනවා.

2024 වසරේ ආර්ථික ඉලක්ක ජයගැනීමට එය ඉවහල් වන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

උද්ධමනය පාලනය සඳහා ඉදිරි මාසවලදීත් පොළී අනුපාතික ඉහළ දැමීමට සිදුවනු ඇති බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළකර තිබෙනවා.

මීළග පොළී අනුපාතික වෙනස පිළිබඳ තීරණයට ෆෙඩරල් සංචිත බැංකුව ලබන අගහරුවාදා දිනයේදී රැස්වීමට නියමිතයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ ඉහළ යාම – උද්ධමනය වැඩිවීම ඇතුලු සාධක කිහිපයක් මත cash rate අගය ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව මෙම වසර තුළදී පොළී අනුපාතික අගය ඉහළ යන 05 වන අවස්ථාව මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේ සිට අගය වැඩි වූ 13 වන අවස්ථාව බවට එය පත්වනවා.

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »