Australia Post නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තැපැල් කාර්යාල තුළ නව වෙළඳ සංකල්පයක

Australia Post විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තැපැල් කාර්යාල තුළ නව වෙළඳ සංකල්පයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇඳුම්, ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපාංග මිළදී ගැනීමට මෙන්ම ඔන්ලයින් මිළදී ගැනීම් ආදියද සිදු කර ගැනීමට අවස්ථාව හිමිවනවා.

QR කේතයක් ස්කෑන් කර පාරිභෝගිකයින් හට තම සේවාව තෝරා ගෙන රැඳී සිටීමටත් තම වාරය පැමිණීමත් සමග කෙටි පණිවුඩයක් මගින් එය දැන ගැනීමේ අත්හදා බැලීමක් ද මෙහිදී ක්‍රියාත්මකයි.

මෙය ඩිජිටල් රැඳී සිටීමක් ලෙසයි Australia Post විසින් හඳුන්වා දී ඇත්තේ.

පාර්සල් බෙදා හැරීම ඉහළ අගයක පැවතියද ලිපි ලේඛණ හුවමාරුව අවම වීම මත පසුගිය වර්ෂය තුළ Australia Post ඩොලර් මිලියන 200 ක පාඩුවක් වාර්තා කලා.

නව වැඩපිලිවෙල යටතේ එම අලාභය පාලනය කිරීමට හැකිවනු ඇති බවටද විශ්වාසය පළ වනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »