ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටේ

ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර පැවති ද්විපාර්ශවික වෙළඳ සාකච්ඡා බිඳ වැටී තිබෙනවා.

ජපානයේ පැවති ජී-7 සමුලූවට අතරතුර ඕස්ට්‍රේලියානු මස් සඳහා නව ප්‍රවේශයන් මෙන්ම යුරෝපා සංගමයේ ආනයනික භාණ්ඩ වල ආරක්ෂාව සම්බන්ධයෙන් ද්වි පාර්ශවීය සාකච්ඡා පවත්වා තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය ඩොන් ෆැරල් සඳහන් කළේ නිදහස් වෙළඳ ගිවිසුම සුරක්ෂිත කිරීමට අදාළ ද්විපාර්ශවීක සාකච්ඡා කිසිදු එකගතාවයකින් තොරව බිදවැටි ඇති බවයි.

ඔස්ටේ්‍රලියානු ගොවීන් සදහා යුරෝපීය වෙළඳපොළට සාපේක්ෂව වඩාත් හොඳ කෘෂිකාර්මික ප්‍රවේශයක් අපේක්ෂා කර බවයි ඩොන් ෆැරල් ප්‍රකාශ කළේ.

අදාළ සාකච්ඡා පසුගිය ජුලී මස සිට ආරම්භ වී ඇති අතර කිසිදු සාධනීය එකගතාවයකට පැමිණිමට ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය සුදානම්ව නැහැ.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍ය ඩොන් ෆැරල් විශ්වාස කරන්නේ අදාළ සාකච්ඡා දිගින් දිගටම සිදුකරන අතර ඉදිරියේ දී ප්‍රගතශීලි ගිවිසුම් වෙත ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය එළඹෙනු ඇති බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »