ක්වින්ස්ලන්ඩ් රියදුරන්ට තවත් $ මිලියන 87 ක දඩ / 2022 ට සාපේක්ෂව 35.7% ක වැඩිවීමක්

නව මාර්ග ආරක්ෂණ විධි විධාන යටතේ වේග සීමා නීති උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහි ඩොලර් මිලියන 332 ක දඩ පැනවීමට ක්වින්ස්ලන්ඩ් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති ඩොලර් මිලියන 244.7 ක දඩ මුදලට අමතරව තවත් ඩොලර් මිලියන 87 ක දඩ පැණවීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ දඩ මුදල 2022 වසරට සාපේක්ෂව සියයට 35.7 ක වැඩිවීමක් ලෙස සටහන්ව තිබෙනවා.

පැයට කිලෝමීටර් 21 ත් 30 ත් අතර වේග සීමා උල්ළංඝනය කළ රියදුරන් හට ඩොලර් 646 ක් ද පැයට කිලෝමීටර 31 සිට 40 අතර වේග ඉක්මවු රියදුරන් සදහා ඩොලර් 1,078 ක් ද පැයට කිලෝමීටර 40 ට වඩා වැඩි වේග සීමා උල්ළංඝණය කරන රියදුරන් හට ඩොලර් 1,653 ක දඩ පැණවීමට නියමිතයි.

ක්වීන්ස්ලනඩ් ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය මාර්ක් බේලි සදහන් කළේ දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු සංඛ්‍යාව පාලනය කිරීම සදහා දඩමුදල ඉහළ දැමීමට පියවර ගත් බවයි.

2050 වසර වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි සම්පූර්ණයෙන්ම පාලනය කිරීම එහි අරමුණයි.

2022 වසරේ දී ක්වීන්ස්ලන්ත මාර්ග ආශ්‍රිත සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 299 ක් මියගොස් තිබුණා.

දඩ මුදල් ඉහළ දැමීමත් සමග පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ සිදු වු ජීවිත හානි ගණන සියයට 10 කින් අඩුවී තිබීම ද විශේෂත්වයක්.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »