අන්තර්ජාල භාවිතා කරන්නන් දහස් ගණනක් සඳහා යූ ටියුබ්, ජීමේල් සහ ගූගල් ඩ්‍රයිව් බිඳ වැටේ.

අන්තර්ජාල භාවිතා කරන්නන් දහස් ගණනක් සඳහා යූ ටියුබ්, ජීමේල් සහ ගූගල් ඩ්‍රයිව් බිඳ වැටේ.

යූ ටියුබ්, ජීමේල් සහ ගූගල් ඩ්‍රයිව් ඇතුළු ඇල්ෆාබෙට් ඉන්කෝපරේෂන් හි බොහෝ සේවාවන් සඳුදා(14/12) ලොව පුරා සිටින දහස් ගණනක් පරිශීලකයින් සඳහා ප්‍රවේශ වීමට නොහැකි විය​.

මෙම අන්තර්ජාල​ පරිශීලකයින් සඳහා සේවාවන්ට ප්‍රවේශවීමට උත්සාහ දරන විට​ “යමක් වැරදී ඇත” යනුවෙන් දෝෂ පණිවිඩයක් ලැබුනි.

සමහරු ට්විටර් වෙබ් අඩවියට පිවිසියේ කියා සිටියේ විදුලිය ඇනහිටීම නිසා විදුලි පහන් සක්‍රිය කිරීමට නොහැකි වූ බවත් එය ගූගල් ගෘහ උපකරණ සහ ස්මාර්ට් ස්පීකර් වලට බලපාන බවත්ය.

ඇනහිටීම් සටහන් කරන ගූගල් වෙබ් අඩවිය පෙන්නුම් කළේ සමාගමේ සියලුම සේවාවන් රාත්‍රී 11:00 සිට ඇනහිටීම් වලින් පෙළෙන බවයි.

“ඔබගෙන් බොහෝ දෙනෙකුට මේ වන විට යූ ටියුබ් වෙත පිවිසීමේ ගැටළු ඇති බව අපි දනිමු – අපගේ කණ්ඩායම දැනුවත්ව ඒ පිළිබඳව සොයා බලයි” යනුවෙන් යූ ටියුබ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඇනහිටීම් අධීක්ෂණ වෙබ් අඩවියක් වන ඩවුන්ඩෙටෙක්ටර්ට අනුව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවල යූ ටියුබ් භාවිතා කරන්නන් 12,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

අදහස් දැක්වීම සඳහා ගූගල් සම්බන්ධ කර ගත් බව බීබීසී නාලීකාව පැවසූ අතර​, “එක් ප්‍රකාශකයෙක් කියා සිටියේ ඇනහිටීම් අතරතුර ඔවුන්ගේ විද්‍යුත් තැපෑලට ප්‍රවේශ විය නොහැකි බවයි”.

(ABCNews)

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »