ගුවන් සේවා සමාගමක් තම සේවකයන්ට පියාසර කාල සීමාව තුළ “නැපීස් “අඳින ලෙසට නියම කරයි

ගුවන් සේවා සමාගමක් තම සේවකයන්ට පියාසර කාල සීමාව තුළ “නැපීස්” අඳින ලෙසට නියම කරයි!

China tells flight cabin crew to wear nappies on risky COVID routes.

සියලු චීන ගුවන් යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පියාසර කාල සීමාව තුළ ගුවන් යානාවල වැසිකිළි භාවිත නොකර, භාවිතයෙන් පසු ඉවතලන තුවා (ඩිස්පෝසබල් නැපීස් ) පළඳින ලෙස චීන ගුවන් සේවා බලධාරීන් විසින් නියම කර තිබෙනවා.

කොරෝනා අවදානම මගහැරීම සඳහා දෛනිකව පියාසර කරන ගුවන් යානාවල සිට දැඩි කොරෝනා අවදානමක් පවතින ගමනාන්තයන්ට පියාසර කරන සියළුම ගුවන් යානා කාර්ය මණ්ඩල වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානාවල වැසිකිළි හරහා කොරෝනා වෛරසය ශරීරගතවීමේ අවදානමක් පැවතිය හැකි බව අඟවමින් මෙම ඉවතලන තුවා පළඳින ලෙස චීන ගුවන් යානා කාර්ය මණ්ඩලවලට චීන ගුවන් සේවා අධිකාරිය විසින් නියම කර තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් යානාවල වැසිකිළි භාවිත නොකර ඉවතලන තුවා පළඳින ලෙස දැනුම් දී ඇත්තේ ජනගහණයෙන් සෑම මිලියනයකටම 500 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ලබන ප‍්‍රදේශවලට පියාසර කරන ගුවන් යානාවල කාර්ය මණ්ඩලවලට වන අතර මෙම නිර්දේශය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් චීන ගුවන් සේවාවලට නිකුත් කරන ලද පිටු 49කින් සමන්විත සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවටද ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මෙසේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩලවලට භාවිත කර ඉවතලන තුවා පැළඳීමට නිර්දේශ කර ඇත්තේ කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා මුහුණු ආවරණ (මාස්ක්ස් ),ඉවතලන අත්වැසුම්, තොප්පි ඇතුළු පුද්ගල ආරක්‍ෂක මෙවලම් භාවිත කිරීමට අමතරවයි.

 

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »