සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

සංගක්කාර මහතා 2019 වසරේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජ ඉතිහාසයේ බි්‍රතාන්‍ය ජාතිකයෙක් නොවන පළමු සභාපතිවරයා ලෙස පත්වෙමින් එම ධූරයේ ද කටයුතු කළේය.

මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය දැරූ සංගක්කාර එංගලන්ත හිටපු නායකයෙක් වන

මයික් ගැටිංගෙන් පසුව එම කමිටුවේ සභාපතිවරයා කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ එහි සාමාජික රටවලට උපදේශන කමිටුවක් ලෙස කටයුතු කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »