ෆෙඩරල් සංචිත බැංකුවේ නව ප්‍රධානීගේ පළමු පොළී අනුපාතික තීරණය අද

ෆෙඩරල් සංචිත බැංකුවේ නව ප්‍රධානී මිචෙල් බුලොක් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන පළමු පොළී අනුපාතික තීරණය අද දිනයට යෙදී තිබෙනවා.

ජීවන වියදමත් සමග ඉහළ යන නිවාස මිල සමතුලිත කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

ජාතික නිවාස වටිනාකම් දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයේදී නිවාස වටිනාකම සියයට 0.8 කින් ඉහල ගොස් තිබෙනවා.

සිඩ්නි හි මේ වන විට නිවසක මධ්‍යයන මිල ඩොලර් මිලියන 1.1 ඉක්මවා ගොස් ඇති අතර මෙල්බන් හි ඩොලර් 776,000 සහ ඇඩිලේඩ්හි ඩොලර් 691,000 ඉක්මවා පවතිනවා.

මෙම තතත්වය නොවැම්බර් මස වන විට තවදුරටත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ඉහළ යන නිවාස මිලට සාපේක්ෂව පොලී අනුපාතිකය ද ඉහළ දැමෙනු ඇති බවටයි පුරෝකථනයක් සිදුකර ඇත්තේ.

උද්ධමනය හා නිවාස මිල ගණන් ඉහළ යැමත් සමග බැංකු පොලී අනුපාතිකයද ඉහළ දැමීමට සිදුවීම දැඩි පීඩනයක් බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

කෙසේ වෙතත් නව මහබැංකු අධිපති මිචෙල් බුලොක් සදහන් කර ඇත්තේ බැංකු පොලී අනුපාතිකය සමතුලිත මට්ටමකට ගෙන ඒම තම අරමුණ බවයි.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »