වික්ටෝරියා නව අගමැතිනිය සහ අගමැති ඇල්බනීස් අතර හමුවක්

වික්ටෝරියා අගමැති ධුරයට පත්වීමෙන් පසු ජසින්ටා ඇලන් සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අතර පළමු වරට සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වික්ටෝරියානුවන් විසින් මේ වනවිට මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන නිවාස අර්බුදය පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ප්‍රාදේශීය කලාප සංවර්ධනය පිළිබඳවද ඔවුන් දෙදෙනා අතර දීර්ඝව අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ෆෙඩරල් රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීට සූදානම් බවයි ප්‍රාන්ත අගමැතිනිය විසින් ෆෙඩරල් රජයේ අගමැති ඇන්තනී ඇල්බනීස් වෙත දන්වා ඇත්තේ.

ජාතික කැබිනෙට්ටුවේදී සාමූහික තීන්දු තීරණ ගැනීම පිළිබඳවද දෙදෙනා අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »