විරෝධතාවයක් හේතුවෙන් මෙල්බන් AFL ආචාර පෙළපාලියට බාධා

දේශගුණ විපර්යාස ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන් මෙල්බන් නුවර පැවති AFL ආචාර පෙළපාලියට බාධා එල්ල වී තිබෙනවා.

හෙට පැවැත්වෙන AFL අවසාන මහා තරගයේදී ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන්ද ඇතුලුව සම්ප්‍රදායානුකූලව මෙම පාගමන සංවිධාන කර තිබුණා.

අධික උණුසුමක් මධ්‍යයේ තරගය පැවැත්වීම සහ මෙවැනි උණුසුම් කාළගුණයකට හේතුවී ඇත්තේ දේශගුණ විපර්යාස පිළිබඳ අවධානය යොමු නොකිරීම හේතුවෙන් බවටයි විරෝධතාකරුවන් චෝදනා කලේ.

කෙසේවෙතත් ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් ඉවත් කර ආචාර පෙළපාලියට අවස්ථාව සළසා දී තිබූ බව සඳහන්.

AFL අවසාන මහා තරගය හෙට පස්වරු 02.30 සිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »