වික්ටෝරියා නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින 4 තුළ

වික්ටෝරියා ප්‍රාන්තයේ නව කැබිනට් ඇමති මණ්ඩලය ඉදිරි දින 4 තුළදී ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත නව අගමැතිනී ජසින්ටා ඇලන් පවසනවා.

නව අගමැතිනිය ලෙස ධූරයේ වැඩ ආරම්භ කිරිමත් සමග අමාත්‍ය විෂය පථ සම්බන්ධව ඇය විසින් මේ වනවිට අධ්‍යයනයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් භාණ්ඩාගාරික අමාත්‍යවරයා ලෙස ටිම් පලස් තවදුරටත් කටයුතු කරනු ඇති අතර එහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇති.

හිටපු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් පාලන සමයේ දුන් මැතිවරණ පොරොන්දු තම රජය යටතේ ද වික්ටෝරියානුවන් වෙත ඉටු කරන බවටයි ජසින්ටා ඇලන් සහතික වන්නේ.

වික්ටෝරියා ඉදිකිරීම් ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවටද ඇය සහතික වනවා.

ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති වල පවතින අධික පිරිවැය පාලනය කරමින් ගුණාත්මක සේවා සැපයිම තම රජයේ අරමුණ බවද ජසින්ටා ඇලන් එහි දි සදහන් කළා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »