NSW රූපවාහිනි හා චිත්‍රපට කර්මාන්ත ප්‍රතිපාදන කප්පාදු කිරීම හකුළාගනී

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රූපවාහිනි හා චිත්‍රපට කර්මාන්තය සඳහා වෙන් කෙරෙන ඩොලර් මිලියන 60 ක ප්‍රතිපාදන කප්පාදු කිරීමට ගත් තීරණය හකුළාගෙන තිබෙනවා.

අදාළ මුදල් කප්පාදු කිරීමට යොජනා වී තිබුණේ පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛණයේ යෝජනාවක් අනුවයි.

කෙසේවෙතත් විනෝදාස්වාදය සහ කලා නිර්මාණ වෙනුවෙන් ප්‍රතිපාදන කප්පාදු කිරීමෙන් චිත්‍රපට ඇතුලූ කලා ක්ශේත්‍රය කඩා වැටිය හැකි බවටයි නිර්මාණකරුවන් අනතුරු අගවා තිබුණේ.

මෙම කර්මාන්තවල නිරත විශාල පිරිසකගේ රැකියා අනාගතයද එමගින් අඳුරුවිය හැකි බවට මත පළවී තිබුණා.

චිත්‍රපට ක්ශේත්‍රයේ නියුතු සේවකයින් සදහා සියයට 10 ක බදු සහන දීමට ද මෙවර යෝජනා වී තිබූ නමුත් එය ප්‍රමාණවත් නොමැති බවටයි අදහස් පළවන්නේ.

මේ අතර තිර සහ ඩිජිටල් අංශයන්ගේ වර්ධනය සදහා නව වැඩපිලිවෙලක් අරම්භ කරන බව ද බලධාරීන් සදහන් කර තිබෙනවා.

සිනමා ඇතුලූ මාධ්‍ය ක්ශේත්‍ර මෙරට ආදායම් උපදවන ප්‍රධාන මාර්ගයක් වන අතර නව රැකියා දහස් ගනන් බිහිකිරීමට සමත් අංශයක් බැවින් එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බවයි ඔවුන් කියාසිටියේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »