දීර්ඝ සති අන්තය සමග ප්‍රාන්ත කිහිපයක double demerit points නියම කිරීම අද සිට

දීර්ඝ සති අන්තයක් එළැඹීමත් සමග ප්‍රාන්ත කිහිපයක double demerit points හෙවත් ද්විත්ව අප්‍රසාද ළකුණු නියම කිරීම අද සිට බලාත්මක වනවා.

ලබන සඳුදාට යෙදී ඇති කම්කරු දින නිවාඩුවයි මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ.

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ලබන සඳුදා මධ්‍යම රාත්‍රිය තෙක් අධික වේගයෙන් රිය පැදවීම – රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළඳීම යන රථවාහන වැරදි සඳහා double demerit points නියම කෙරෙනු ඇති.

ක්වීන්ස්ලනඩ් ප්‍රාන්තයේදීත් double demerit points නියම කිරීම බලාත්මක වන නමුත් ගතවූ මාස 12 ක කාලය තුළ එම වරදම සිදුකර ඇති රියදුරන් සඳහා පමණක් එය නියම කිරීම සිදුවනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ මෙම සති අන්තය දීර්ඝ සති අන්තයක් ලෙස අනුගමනය නොකෙරෙන බැවින් double demerit points නියම කිරීමක් සිදුවන්නේ නැහැ.

වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා – ටස්මේනියා සහ Northern Territory ප්‍රාන්තවල double demerit points ක්‍රමයක් බලාත්මක නොවන බැවින් රථවාහන වැරදි සඳහා සාමාන්‍ය පරිදි දඩ නියම කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »