දෙවන එළිසබත් රැජිනත් පරදා ශ්‍රී ලාංකික සම්බවයක් ඇති ශෙමාරා වික්‍රමනායක ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතරට!

දෙවන එළිසබත් රැජිනත් පරදා ශ්‍රී ලාංකික සම්බවයක් ඇති ශෙමාරා වික්‍රමනායක ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතරට!

Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්රමනායක (Shemara Wickramanayake) ඇතුලත්ව සිටිනවා. ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්ය්යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරිණියයි.

එක්සත් රාජධාණියේ උපත ලබා ඇති ඇය එහි මෙන්ම ශ්රී ලංකාවේද වාසය කිරීමෙන් පසු සිය දෙමාපියන් සමග වයස 13 දී ඕස්ට්රේලියාවට ගොස් තිබෙනවා.

ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබෙනවා. ඒ අඛන්ඩව 10 වැනි වරටයි. දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ බැංකුවේ ප්රධානී ක්රිස්ටීන් ලගාටේටයි. අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් තෙවන ස්ථානයේ පසුවනවා.

මෙවර රටවල් 30 ක කාන්තාවන් ලයිස්තුවට ඇතුලත් අතර ඉන් දස දෙනෙක් රාජ්ය නායිකාවන්. 38 දෙනෙකු ප්රධාන විධායක නිලධාරිණියන් වන අතර කලා ක්ෂේත්රයට අයත් වඩාත් බලවත් කාන්තාවන් ගණන 5 ක්.

දෙවන එළිසබෙත් මහ රැජිණට ලයිස්තුවේ 46 වන ස්ථානය හිමිව තිබෙනවා. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩෙන් පසුවන්නේ 32 වන ස්ථානයේයි.

තායිවාන් ජනාධිපතිනි ට්සායි ඉන්ග් වෙන් 37 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනාට හිමිව ඇත්තේ 39 ස්ථානයයි. නෝර්වේජියානු අගමැතිනී එර්නා සොල්බර්ග් ලොව වඩාත් බලවත් කාන්තාවන් අතර 52 වන ස්ථානයේ පසුවනවා.

https://www.forbes.com/profile/shemara-wikramanayake/?list=power-women&sh=7f9a109f17e3&fbclid=IwAR2ULs28pbR3JwaSI-N_DB2sA7y6-3L2w3THet1NdCHbiipzoK7-5wrn_yw

(මහින්ද රූබසිංහ​)

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »