QLD අපරාධ වන්දි මුදල් ගෙවීම් 150% කින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විවිධ අපරාධවලට ගොදුරුවුවන් වෙනුවෙන් ගෙවා ඇති වන්දි මුදල් ප්‍රමාණය සියයට 150 කින් ඉහළ ගොස් තිබෙනවා.

2022-23 වසරට අදාළව ඒ වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් මිලියන 40 කට ආසන්නයි.

පසුගිය මූල්‍ය වර්ෂයේදී මූල්‍ය සහය ඉල්ලා අයදුම්පත් 7,621 ක් ලැබී තිබූ අතර එය පෙර වසරට වඩා අයදුම්පත් 4,935 ක ඉහළයාමක් වනවා.

මෙම ඉල්ලුම්පත් අතුරින් 4,300 ක් පමණ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයට අදාළ සහන ඉල්ලීම් වීමද විශේෂත්වයක්.

එය පෙර වසරට වඩා සියයට 88 ක ඉහළයාමක් ලෙසයි සැළකෙන්නේ.

සෑම අයදුම්පත් 05 න් 01 ක්ම අදාළ වින්දිතයින් කුඩා කල මුහුණ දුන් අපරාධ හා සම්බන්ධ ඒවා බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය වසර තුළ වින්දිත ආධාර සඳහා ලැබුණු ඉල්ලීම් වෙනුවෙන් ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාර මේ වන විට ලබා දී අවසන්.

අපරාධවල දී ඝාතනයට පත් වින්දිතයින්ගේ පවුල් වල සාමාජිකයින් සදහා ද ඩොලර් 20,000 ක යැපුම් දීමනාවක් ගෙවනු ඇති.

මේ අතර විවිධ අපරාධ සදහා ගොදුරු වූවන්ට කඩිනම් සේවා සැපයීමේ අරමුණින් රජයේ නව තනතුරු 17 ක් ද ආරම්භ කිරීමටයි ෆෙඩරල් රජය පියවර ගෙන ඇත්තේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »