වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වසර 06 ක කාලයක් පුරා සේවකයන් පිරිසකට වැටුප් ගෙවා ඇත්තේ මාස ගණනක් ගතවීමෙන් අනතුරුව බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ අනුව චෝදනාවේ ස්වභාවය අනුව එක් චෝදනාවකට ඩොලර් 66,600 සිට ඩොලර් 666,600 දක්වා දඩ වලට යටත්වීමට නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට සිදුවනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන කිහිපයකටම එරෙහිව මෑතකාලීනව වැටුප් ගෙවිම් පැහැර හැරීම් චෝදනා මත විමර්ශන ආරම්භ කෙරුණා.

මේ අතර මෙරට විශාලතම ජල සැපයුම් ආයතනයක් විසින් සේවයින් හට ඩොලර් මිලියන 21.3 ක හිග වැටුප් ගෙවිමට නියමිතව තිබෙනවා.

වසර 07 ක් පුරා අදාළ සේවකයින් හට නියමිත වැටුපට වඩා අඩු වැටුප් ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සේවකයින්ගේ නොදැනුවත්කම මත ආයතනයේ සේවය කර දැනට ඉවත්ව ඇති සේවකයින් ඇතුලූ වත්මන් සේවකයින් 1525 දෙනෙකු මේ හේතුවෙන් අගතියට පත්ව තිබුණා.

ඒ අනුව එම සේවකයින් වෙනුවෙන් 2015 ජූලි 1 වනදා දින සිට 2023 ජුනි 30 දක්වා ගෙවිය යුතු සෑම හිග වැටුපක්ම ගෙවීමට නියමිතයි.

සේවා ගිවිසුම් හී පවතින අඩුපාඩු මෙන්ම සංකීර්ණතා හේතුවෙන් අදාළ වැටුප් සම්බන්ධව සේවකයින් හට නිසි අවබෝධයක් නොමැති වීම මේ තත්වයට හේතු වී තිබෙනවා.

මේ වන විටත් අදාළ වැටුප් වත්මන් සේවකයින් හට ගෙවීම ආරම්භ කර ඇති අතර දැනට සේවයෙන් ඉවත්ව ඇති සේවකයින් වෙතද එම හිග වැටුප් ඉදිරියේ දී ලබා දීමට නියමිතයි.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »