Breaking: වික්ටෝරියා අගමැති ධුරයෙන් ඩැනියල් ඇන්ඩෲස් ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඩැනියල් ඇන්ඩෲස් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 05 සිට බලාත්මක වන පරිදි ප්‍රාන්ත නායකත්වයෙන් මෙන්ම ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස්වන බවයි ඔහු නිවේදනය කලේ.

පසුගිය වසර 09 ක් පුරා වික්ටෝරියා හි අගමැති ධුරයේ කටයුතු කල ඩැනියල් ඇන්ඩෲස් අවස්ථා 02 කදී වික්ටෝරියා ලේබර් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.

ඔහු පළමු වරට වික්ටෝරියා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2002 වසරේදීයි.

ප්‍රාන්ත අගමැතිවරයා ලෙස සිය සේවය උපරිමයෙන් ඉටු කල බවත් ඉවත්වීමට සුදුසුම කාලය පැමිණ ඇති බවත් ඔහු අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියාසිටියා.

ධුරයෙන් ඉවත්වීමෙන් පසු පවුලේ සාමාජිකයන් සමග වැඩි වශයෙන් කාලය ගත කිරීමට බලාපොරොත්තු වන බවයි ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කලේ.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »