වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගෙවීමට ඉතිරි දඩ ප්‍රමාණය $ මිලියන 850 ක්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් විසින් ගෙවීමට ඉතිරිව පවතින දඩ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 850 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 353 ක් අධි වේගයෙන් රිය ධාවනයට අදාළව නියම කරනු ලැබූ දඩ මුදල් වන අතර ඩොලර් මිලියන 276 ක් මාර්ග ගාස්තු ගෙවීම් පැහැර හැරීම් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඩොලර් මිලියන 111 ක් රථ වාහන ගාල් කිරීම් නීති කඩ කිරීම් වන අතර – ඩොලර් මිලියන 76 ක් අධිකරණ මගින් නියම කල දඩ නොගෙවා හැරීම් බවයි පැවසෙන්නේ.

වේග සීමා කැමරා මගින් හඳුනාගත් වැරදි සඳහා නියම කර ඇති දඩ මුදල ඩොලර් මිලියන 65 ක්.

අයවිය යුතු දඩ මුදල් නිසි පරිදි එක් රැස් කිරීමට ඩැනියල් ඇන්ඩෲස් රජය විසින් නිසි පියවර අනුගමනය කිරීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කෙරෙන බවයි ප්‍රාන්ත විපක්ෂය පවසන්නේ.

මෙම මුදල් නිසි පරිදි ලැබුණේ නම් පොලිස් නිළධාරීන් 11,000 ක් – හෙදියන් 10,000 ක් සඳහා වැටුප් වැඩි කිරම් ලබාදීම මෙන්ම නව ප්‍රාථමික පාසල් 50 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමටද ප්‍රතිපාදන සැපයිය හැකි බවයි වික්ටෝරියා විපක්ෂය පවසා සිටින්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »