මැලේසියාවේදී ලාංකික 03 ක් ඝාතනය කෙරේ – සැක ලාංකික 02 ක් සොයා විමර්ශන

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඊට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පුර් පොලිස් අංශ සඳහන් කර සිටිනවා.

මියගිය ශ්‍රී ලාංකිකයන් 03 දෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් ඔවුන්ගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබුණා.

මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් සඳහන්.

මියගිය 03 දෙනාගෙන් එක් අයෙකු නිවස අයිති යුවලගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම මළ සිරුරු එකිනෙකට ගැට ගසා තිබූ බව ද සඳහන්.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »