කොවිඩ් විමර්ෂණයට වික්ටෝරියා අගමැතිගේ පූර්ණ සහය

කොවිඩ් වසංගත සමයේදී කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත විමර්ෂණයට පූර්ණ සහය පළකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පවසනවා.

ඔහු සඳහන් කළේ වසංගත කාලය තුළ රජයේ ක්‍රියාකාරිත්වය පමණක් නොසළකා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු බවයි.

මෙම විමර්ශනය රාජකීය කොමිසමක් හරහා පැවැත්විය යුතු බවට එවක අගමැති ස්කොට් මොරිසන් විසින් අදහස් පළකර තිබුණා.

කෙසේවෙතත් රාජකීය කොමිෂන් සභාවක් යටතේ විමර්ශණ සිදු කිරීමේ දී වැඩි කාලයක් ගත වන හෙයින් ස්වාධීන මණ්ඩලයක් මගින් අදාල විමර්ශණය සිදුකිරීමටයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් තීරණය කර ඇත්තේ.

මාස 12 ක් පුරා සිදු කෙරෙන මෙම විමර්ශනයේදී එවක පැවති ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ පළාත් පාලන ආයතන විසින් වසංගතයට මුහුණදුන් ආකාරය විමසා බැලෙනු ඇති.

එමෙන්ම ඇතැම් විද්වත් උපදෙස් නොසළකා හැරි බවට එල්ල වන චෝදනා පිළිබඳවද මෙහිදී පුලූල් විමසීමක් සිදුකිරීමට නියමිතයි.

මෙම විමර්ශනය රාජකීය කොමිසමක් හා බලතල නොමැති වුවද වගකිව යුතු පාර්ශව කැඳවා සාක්ෂි ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

අනාගතයේ දී මෙවැනි තත්වයකට මුහුණ දීමේ දි ප්‍රමාණවත් එන්නත් නොමැති වීම් මෙන්ම ඖෂධ හිගයන් වලක්වා ගත හැකිද යන්න සම්බන්ධයෙන්ද එහිදි අවධානය යොමු වනු ඇති.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »