NSW අයවැයේ වැඩිම ජය ගුරු සහ හෙද ක්ෂේත්‍රවලට – රියදුරන්ටත් අලුතින් නීති

2023-24 වසර සඳහා වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහි ප්‍රධානම ජයග්‍රාහකයන් බවට ගුරුවරුන් පත්වී ඇත්තේ සියයට 12 ක වැටුප් වැඩිවීමක්ද හිමි කර ගනිමිනුයි.

ඒ අනුව කණිෂ්ඨ ගුරුවරුන් සඳහා මෙතෙක් පැවති ඩොලර් 75,791 ක වාර්ෂික වැටුප ඩොලර් 85,000 දක්වා ඉහළ යනු ඇති.

ගුරුවරුන් 10,000 ක් සහ පරිපාලන කාර්ය මණ්ඩලයේ 6,000 ක් ස්ථිර කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්ද මෙවර නිවු සවුත් වේල්ස් අයවැයෙන් ඉහළ මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව අලුතින් හෙදියන් 1,200 ක් සහ ප්‍රාදේශීය කලාප සඳහා වෛද්‍ය සහයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 500 ක් බඳවා ගැනෙනු ඇති.

හෙද සහ වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන් 12,000 ක් රැකියා සඳහා බඳවා ගැනීමට ප්‍රතිපාදන ද මෙවර අයවැයට ඇතුළත් කර තිබෙනවා.

සියලුම සෞඛ්‍ය සේවකයන්ට සියයට 4.5 ක වැටුප් වැඩිවීමක්ද මෙවර අයවැයට ඇතුළත් ප්‍රධාන යෝජනාවක්.

අවුරුදු 03 ත් 05 ත් අතර දරුවන් සිටින දෙමව්පියන් සඳහා පෙර පාසල් අධ්‍යාපනය සහ child care ගාස්තු සහන මාලාවක්ද නිවු සවුත් වේල්ස් අයවැයට අන්තර්ගතයි.

පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් ඩොලර් 60 ක උපරිම මාර්ග ගාස්තු යෝජනාව ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම වේග සීමා ඉක්මවා ඉක්මවා ධාවනය කරන රියදුරන්ගෙන් අය කෙරෙන දඩ මුදල් ආදායම අඩු කර ගැනීමට යෝජනා කර තිබීමද විශේෂත්වයක්.

දැනට ක්‍රියාත්මක වේග සීමා කැමරා ඉදිරි වසර 04 තුළදී සමස්ත ප්‍රාන්තය පුරා ව්‍යාප්ත කිරීමට සැළසුම් කර තිබීම ඊට හේතුවයි.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »