Search

මැටිල්ඩාස් ඔලිම්පික් සුදුසුකම් තරග ක්‍රීඩාංගණවල වෙනසක්

ඔලිම්පික් තරගාවලිය සඳහා මැටිල්ඩාස් හෙවත් ඔස්ටේ්‍රලියානු කාන්තා පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය වෙනස් කර තිබෙනවා.

ඉහළ ප්‍රේක්ෂක ඉල්ලූම හේතුවෙන් මූලික වටයේ තරගය පර්ත් හි ඔප්ටස් ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග එළඹෙන ඔක්තෝබර් 26 වනදා සිට ඔප්ටස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය නැරඹීම සදහා 50,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා කර ඔවුන්ට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රීඩාංගණය මාරු කිරීමටයි ක්‍රීඩා බලධාරීන් එකගතාවට පැමිණ ඇත්තේ.

මැටිල්ඩාස් කණ්ඩායම ඔක්තෝබර් 26 වනදා ඉරානයට එරෙහිවත් – ඔක්තෝබර් 29 වැනිදා පිලිපීනයට සහ නොවැම්බර් 1 වැනි දින තායිවානයට එරෙහිව තරග වැදීමට සැළසුම් කර තිබෙනවා.

පසුගිය ලෝක කුසලාන කාක්තා පාපන්දු තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගයේ දී ද මෙලෙස ඉහළ ප්‍රේක්ෂක ඉල්ලූම මත ක්‍රීඩාංගනය මාරු කර තිබුණා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »