ගල් අගුරු වෙනුවට න්‍යෂ්ඨික බලාගාර සඳහා ඔස්ට්‍රේලියාවට $ බිලියන 387 ක වියදමක්

ගල් අගුරු බලාගාර වෙනුවට න්‍යාෂ්ටික බලාගාර ප්‍රතිස්ථාපනය කිරීම සදහා ඩොලර් බිලියන 387 ක අමතර මුදලක් වැය වන බවට ෆෙඩරල් රජය විසින් තක්සේරු කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් පෙන්වා දෙන්නේ ස්වභාවික බලශක්ති ප්‍රභවයන්ට සාපේක්ෂ න්‍යාෂ්ටික බලාගාර වෙත ඉහළ පිරිවැයක් යෙදවීමට සිදු වනු ඇති බවයි.

මෙම යෝජනාවට පක්ෂ මතධාරීන් පෙන්වා දෙන්නේ තාප විමෝචනය අවම කිරිම සදහා න්‍යාෂ්යික බලාගාර පිහිටුවීම වඩාත් සුදුසු බවයි.

ඔස්ටේ්‍රලියාව තුල ක්ෂය වෙමින් පවතින ගල් අගුරු නිධි සඳහා විකල්ප ලෙස අවම වශයෙන් කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ඨික බලාගාර 71 ක් පිහිටුවිය යුතු බවයි බලශක්ති අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ.

බලශක්ති වෙළඳපොළ යාවත්කාලීන කිරීම සදහා වැය වන පිරිවැය මේ දිනවල ඇස්තමේන්තු කිරිමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධ පණත් කෙටුම්පත් එළඹෙන අයවැය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිසි ප්‍රතිපත්තියකින් යුතු තාප විමෝචනය අවම වන පරිදි බලශක්ති මිල පාලනය කිරීමේ අරමුණින් න්‍යාෂ්ටික බලශක්ති ප්‍රභව වෙත මාරුවීම අවශ්‍ය බව ද විපක්ෂය අවධාරණය කරනවා.

මේ වන විට බලශක්තිය සඳහා න්‍යෂ්ටික තාක්‍ෂණය භාවිතා කරන රටවල් ගණන 50 ඉක්මවා තිබෙනවා.

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »