Search

වායු දූෂණය පැවතියද ඉරිදා සිඩ්නි මැරතන් තරගාවලිය නියමිත පරිදි

සිඩ්නි නගරයේ වායු දූෂණ මට්ටම අයහපත් තත්වයක පැවතියද ලබන ඉරිදා පැවැත්වෙන මැරතන් තරගාවලිය නියමිත ආකාරයෙන් පවත්වන බවට සංවිධායකයන් සහතික වනවා.

තරගකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විධිවිධාන රැසක් ක්‍රියාවට නංවන බවටයි ඔවුන් ප්‍රතිඥා දී ඇත්තේ.

ලැව් ගිනි අවධානම අඩු කිරීම සඳහා පූර්ව සැළසුමක් ලෙස ආපදා අංශ විසින් සිදුකරන ලද ගිණි තැබීම් හේතුවෙන් දින කිහිපයක සිට සිඩ්නි නගරයේ පවතින්නේ දැඩ දුමාරයකුයි.

ඇදුම ඇතුලු ශ්වසන ආබාධවලින් පෙළෙන්නන් – වයෝවෘද්ධ ජනතාව ඇතුලු අවධානම් කාණ්ඩවල පුද්ගලයන්ට හැකිතාක් නිවෙස්වලට වී සටින ලෙසයි ඒ අනුව උපදෙස් දී ඇත්තේ.

කෙසේවෙතත් සිඩ්නි මැරතන් තරගාවලිය වැනි ලෝක ප්‍රසිද්ධ ඉසව්වක් අවලංගු කල නොහැකි බවත් කිසිවෙකුට ජීවිත අවධානමක් නොවන පරිදි තරගාවලිය පවත්වන බවටත් සංවිධායකයන් සහතික වි තිබෙනවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »