Search

ඔස්ට්‍රේලියානුවන් 3/5 කම ආහාර රටා අයහපත් බවට රතු එළියක්

සෑම ඔස්ට්‍රේලියානුවන් 05 දෙනෙකුගෙන් 03 දෙනෙකුම නිසි ආහාර රටා අනුගමනය නොකරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

පුද්ගලයින් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ උපයෝගී කර ගෙන වසර 08 ක් පුරා සිදු කර ඇති සමීක්ෂණවකදී හෙළිව ඇත්තේ 05 දෙනෙකුගෙන් දෙදෙනෙකු පමණක් ශරීරයට හිතකර එළවලු ආහාරයට ගන්නා බවයි.

සමස්ථ ජනගහනයෙන් සියයට 35 ක් පමණ නිසි ආහාර වේලක් අනුභව කරන අතර වැඩි පිරිසක් නැඹුරුවී ඇත්තේ අධික සීනි – මධ්‍යසාර සහිත ආහාර සහ ක්ෂණික ආහාර සඳහා බවටයි සොයාගෙන ඇත්තේ.

වඩාත් අයහපත්ම ආහාර පුරුදු ඇත්තේ ඉදිකිරීම් සේවකයන් සතුව වන අතර විශ්‍රාමිකයින් හා ශරීර සුවතාවයේ නියැලෙන්නන්ගේ ආහාර රටා ඉහළම යහපත් මට්ටමක පවතින බවද සොයාගෙන තිබුණා.

අනුභව කරන ලද ආහාරවල ප්‍රමාණය, ගුණාත්මකභාවය සහ විවිධත්වය ඇතුළු සාධක නවයක් අවධානයට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

වැඩිහිටි පුද්ගලයින් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු පමණක් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල් සදහා විවිධ එළවළු වර්ග තුනක් හෝ වැඩි ගණනක් යොදා ගන්නා මෙහිදී හෙළිකර ගැණුනා.

සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වුවන් අතුරින් සියයට 93 ක් ම ප්‍රධාන පානය ලෙස ජලය භාවිත කරන බව සොයාගෙන තිබීම විශේෂත්වයක්.

පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන්ගේ එළවලූ පරිභෝජනය ඉහළ අගයක් ගනු ලබනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »